ආදේශක තැපැල් සහායකයන් දාහක් ස්ථිර කරයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000කගේ සේවය ස්ථීර කිරීමට රජයේ අනුමැතිය ලබා ඇති බවයි. ඊට අමතරව, අළුතෙන් තවත් ආදේශක සහායකයින් 1000ක් ලියාපදිංචි කර ගැනීමටද සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

මෙම බඳවා ගැනීම් සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු ඉතා ඉක්මනින් සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය. එමඟින්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු පිළිබඳව හදිසි නිරීක්ෂණයක් සිදු කරන ලදී. නිරීක්ෂණයෙන් පසුව, එහි වත්මන් ක්‍රියාවලිය, ඉදිරි පියවර සහ පවතින ගැටළු පිළිබඳව නිලධාරීන් හා සේවක කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා වාරයක් පැවැත්විණි.

රාජ්‍ය සේවයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පොදු අභියෝග වන සේවක හිඟය හා ප්‍රවාහන ගැටළු නිරාකරණය සඳහා දැනටමත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

වසර 200කට අධික ඉතිහාසයක් සහිත තැපැල් සේවය යටතේ, උප තැපැල් කාර්යාල දක්වා ආදායම් ඉලක්ක ලබා දීම, නව සේවා සංකල්ප හඳුන්වාදීම, නව තැපැල් කාර්යාල ආරම්භ කිරීම සහ පවතින සේවා යටිතල පහසුකම් නවීකරණය කිරීම වැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36