ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්

වෛද්‍ය තමර කළුබෝවිල මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපති ලෙස පත්කර තිබේ.

මෙම පත්වීම සම්බන්ධ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊයේ (29) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වෛද්‍ය කළුබෝවිල මහතාට භාරදෙන ලදී.

කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා, 1986දී කොළඹ වෛද්‍ය පීඨයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබා ගනිමින් වෘත්තියට පිවිසීය.

ඔහු වෛද්‍යවරයකු ලෙස සිය රාජකාරී දිවිය ආරම්භ කළේ පානදුර රෝහලෙන්ය. ඊට පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මාතෘ හා ළමා වෛද්‍ය නිලධාරී, වසංගත රෝග වෛද්‍ය නිලධාරී, ආයතන භාර වෛද්‍ය නිලධාරී වැනි තනතුරු රැසක කටයුතු කළේය. ඉන්පසු හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රය වෙත පැමිණියේය.

2002 වසරේදී කොළඹ පශ්චාත් උපාධි ආයතනයෙන් වෛද්‍ය පරිපාලනය සම්බන්ධ පශ්චාත් උපාධියක් ලබාගත් ඔහු, පානදුර, හොරණ සහ කළුතර මහ රෝහල්වල අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේය. එමෙන්ම, කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා සහ කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත.

වෛද්‍ය තමර කළුබෝවිල මහතා, නව සභාපති ලෙස අද (30) උදෑසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිය රාජකාරී පිළිගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22