අධිකරණය හමුවේ පෙනී සිටි මන්ත්‍රී නාමල්ට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා පෙර ඇප මත නිදහස් කිරීමට අද (29) එම අධිකරණය නියෝග කළා.

2017 වසරේ හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව පැවති විරෝධතාවයක දී කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට ඊයේ (28) දින වරෙන්තු නිකුත් කර තිබුණා.

කෙසේ වෙතත් ඔහු එම අවස්ථාවේ දිවයිනේ රැඳී නොසිටි අතර, පුද්ගලික සංචාරයක් සඳහා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබූ බවයි පසුව වාර්තා වුණේ.

ඊයේ (28) උදෑසන මාලදිවයින බලා පිටත්ව ගොස් සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (29) පෙරවරු 11:30ට පමණ මාලදිවයිනේ මාලේ නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 102 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබුණා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නීතීඥවරුන් කීපදෙනෙකු සහ ඔහුගේ ආධාරකරුවන් කීපදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මේ අතර කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ඔහුව අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝගයක් ලැබී නොතිබීම හේතුවෙන්, පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමක් සිදුකළේ නැහැ.

පසුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දහවල් 12:30ට පමණ ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටව ගියා.

පසුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දහවල් 12:30ට පමණ ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටව ගොස් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53