මාතලේ පොලිස් වසමේ පලාපත්වල ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධකින් පහරදී තුවාල සිදුකර මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (27) පස්වරුවේ සිදුවූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ පලාපත්වල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ක තරුණයෙක්.
මෙම තරුණයා තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ සැකකරුගේ නිවසට පැමිණ සැකකරු හා නිවැසියන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සැකකරු අසල තිබූ තියුණු ආයුධයකින් මරණකරුගේ ගෙළ ප්‍රදේශයට පහර දී තවත් පුද්ගලයෙකුට කැපුම් තුවාල සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනයට ලක් වූ තරුණයාගේ මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.





