ඇමති වසන්ත, නි.ඇමති මහින්ද සහ රන්ජන් ජයලාල් ගැන අධිකරණයෙන් නියෝගයක්

පුද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36 කට බදු දී වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උද්ධෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය අද (25) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කර තිබෙනවා.

විමර්ශනයේ දී අනාවරණය කරගත් ලේඛන වන ගොඩනැගිල්ලේ සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වන දින අදාළ ආයතනයේ වෘත්තිය සමිතියේ සභාපති ලෙසට වසන්න සමරසිංහට බලය පැවරූ මහා සභා රැස්වීම් වාර්තා, අංක 166 සහා 206, 207 දරණ බදු ඔප්පුවල සහතික කරන ලද පිටපත් මෙන්ම ප්‍රශ්නගත දේපළ භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ, ගල්කිස්ස දිසා අධිකරණයේ සහා සිවිල් අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුතුවලට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවල පිටපත් වැඩිදුර වාර්තාවක් මඟින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (25) දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් ද සහතික කරන ලද අමතර ලේඛන 35ක් අද දින අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ, අනුව මෙම නඩුව ලබන අගෝස්තු මස 22 වනදා නැවත කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
2
+1
74
+1
5
+1
7
+1
8
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?