ශ්‍රී ලංකාව පිළිබඳ IMF පස්වන සමාලෝචනය සැප්තැම්බර් – නොවැම්බර් අතර කාලයේ

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනේ පස්වන සමාලෝචනය 2025 වසරේ සැප්තැම්බර් – නොවැම්බර් අතර කාලය තුළ සිදු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසාක් ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

අයි.එම්.එෆ් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිව්වන සමාලෝචනය ජූලි 01 වනදා සාර්ථකව අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 350ක මූල්‍ය ආධාරයක් හිමි වුණා.

ඒ,අනුව විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.74ක් වනවා.

මේ අතර, ගෝලීය වෙළඳ ප්‍රතිපත්තිය සහ ආර්ථික අවිනිශ්චිතතාවයන් ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්මට අවදානම් ඇති කරන බව අයි.එම්.එෆ් සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසාක් ද පිළිගත් අතර, රටේ ආර්ථික තත්ත්වයන් පිළිබඳ පුළුල් තක්සේරුවක් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා ඇතුළත් වන පස්වන සමාලෝචනයේදී ප්‍රවේශමෙන් සලකා බලනු ඇති බවයි ඇය මෙහිදී පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18