ස්ථාවර ආර්ථිකයක් සමඟ ගෝලීය වශයෙන් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට IMF සහාය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පැවැත් වුණා.

වත්මන් රජය යටතේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති වී ඇති බැවින් එම ශක්තිමත් පදනම මත, ආර්ථික වර්ධනය ළඟා කර ගනිමින් හා නව ආර්ථික අවස්ථා ග්‍රහණය කර ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළා.

ශ්‍රී ලංකාව හමුවේ ඇති වත්මන් ආර්ථික අභියෝග පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් දැනුවත් කළ ජනාධිපතිවරයා එකී අභියෝග හමුවේ වුවද, 2026 අයවැයෙන් මෙරට ජනතාවට අවශ්‍ය සහන සලසාදීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද සිහිපත් කර සිටියා.

රට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය තීරුබදු සහන ඇතුළු පහසුකම් ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරවත්, අඛණ්ඩවත් පවත්වාගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉදිරියටද ශ්‍රී ලංකාවට හිමි වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළා.

මේ වනතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳ ස්තුතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක රටට හිමිවන ආර්ථික වර්ධනයේ සියලු ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද අවධාරණය කළා.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිදුකරන කැපවීම අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දීමටද එකඟතාව පළ වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ශ්‍රී ලංකාව සඳහා දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou ඇතුළු Sandesh Dhungana, Ursula Wiriadinata, Dinar Prihardini, Samson Kwalingana, Ozlem Aydin යන අය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිතයින් වන Martha Woldemichael, මානවී අබේවික්‍රම යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්.කේ.සී. සේනානායක, මහබැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ.එන්. දවුලගල, Alternate Executive Director මහාචාර්ය පී.කේ.ජී. හරිෂ්චන්ද්‍ර, උප අධිපති, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ලේකම් ආචාර්ය සී. අමරසේකර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය ජේ.එස්. ජෙගජීවන් යන අය සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46