ඊශ්‍රායලයේ සේවයේ නිරත ශ්‍රී ලාංකික තරුණයින් පිරිසක් රැගත් බස් රථයක් ගිනි ගනී (වීඩියෝ)

ඊශ්‍රායලයේ කිර්යාත් මලාකි ප්‍රදේශයට ආසන්නයේ සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි ඊශ්‍රායලයේ කෘෂිකාර්මික සේවයේ නිරත ශ්‍රී ලාංකික තරුණයින් පිරිසක් රැගත් බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

බස් රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ දී එහි ශ්‍රී ලාංකික තරුණයින් 20 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

රථය ගිනි ගැනීමේ දී එහි දොර ක්‍රියා විරහිතවීම හේතුවෙන් එහි සිටි පිරිස ජනෙල් කඩා එයින් පිටතට පැමිණ ඇති බවයි ඊශ්‍රායාලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.

එම අවස්ථාවේ එක් තරුණයෙක් තුවාල ලබා ඇති අතර, ඔහුව රෝහල් ගතකර තිබෙනවා.

රෝහල් ගතකළ එම ශ්‍රී ලාංකික තරුණයාගේ තත්ත්වය බරපතළ නොවන බවයි තානාතිපතිවරයා පැවසුවේ.

සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි මෙම ශ්‍රී ලාංකික තරුණයින් පිරිස ඊයේ (18) උදෑසන මෙම අනතුර මුහුණ පා තිබෙනවා.

ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
2
+1
27
+1
6
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?