මෙරට අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ සහාය (වීඩියෝ)

TikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවුණා.

විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.

ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබාදීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ විෂයමාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කම මෙන්ම ඩිජිටල් තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ Tik Tok හරහා ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම මෙහිදී Tik Tok නියෝජිතයින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සමඟ මෙවැනි සහයෝගිතාවන් අගය කළ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි ඩිජිටල්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවා.

මෙම සාකච්ඡාවට දකුණු ආසියාවේ TikTok සමාගමෙහි රාජ්‍ය සම්බන්ධතා ප්‍රධානී සහ දකුණු ආසියාවේ මහජන කටයුතු ප්‍රධානී ෆර්ඩවුස් අල් මොට්ටකින්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?