Breaking News :ශ්‍රී ලංකා කණ්ඩායමේ 3කට කොවිඩ්!

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ආරම්භ වීමට පැය කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ක්‍රීඩා ලෝලීන්ට කණගාටුදායක පුවතක් වාර්තා වෙනවා.

බංග්ලාදේශයෙන් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරන්නේ එහි ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ පුහුණුකරුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙලෙස කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ ඉසුරු උදාන සහ ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් සහ වේගපන්දු යවන පුහුණුකරු චමින්ද වාස් හටයි.

කෙසේ වෙතත් මෙය තහවුරු කර ගැනීම සඳහා තවත් PCR පරීක්ෂණයක් මේවන විට සිදුවෙමින් පවතින බව නවතම පුවත් ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම අද තරගය හෝ තරගාවලිය අත්හිටුවීම පිළිබඳ තීරණයක් මෙතෙක් ගෙන නැහැ.

අද ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන ගෙන තිබූ අතර ජෛව ආරක්‍ෂිත බුබුළක් යටතේ තරගාවලිය පැවැත්වීමට සියලු කටයුතු ගෙන තිබුණා.

මෙවන් පසුබිමක මෙලෙස ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ආසාදිත වීම තුළ බංග්ලාදේශය විසින් සැපයූ ජෛව ආරක්ෂක බුබුළ කොතරම් දුරට සාර්ථක ද යන්න ගැටළුවක් වී තිබෙනවා.

පසුගිය 16 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය වෙත පිටත්ව ගිය අතර එහි දී ඔවුන් දින 3ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය වෙත යාමට පෙර ද දින 3ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වී තිබුණා.

මේ අතර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා වන ඛලීඩ් මහමුද් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුණාගෙන ඇති බව එරටින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරනවා.

මේවන විට ඔහු නිවස තුළ නිරෝදායනය කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු පසුගිය දා මෙරටට පැමිණි අතර එම ශ්‍රී ලංකා සංචාරය නිමා කිරීමෙන් අනතුරුව නැවත බංග්ලාදේශයට ගිය ඔහුට PCR පරීක්ෂණ දෙකක් ද සිදු කොට තිබෙනවා.

එම පරීක්ෂණ දෙකේ දී ඔහු ආසාදිත බව නොපෙන්වූවත් පසුව සිදු කළ තෙවැනි PCR පරීක්ෂණයේ දී තහවුරු වී ඇත්තේ ඛලීඩ් කොවිඩ් 19 ආසාදිත බවයි.

රාමසාන් උත්සවයෙන් අනතුරුව පසුගිය මැයි 18 වැනිදා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් ආරම්භ කළ අතර ඛලීඩ් මහමුද් ඒ සඳහා සහභාගී වී නැහැ.කෙසේ වෙතත් දෙවන PSR පරීක්ෂණයෙන් චමින්ද වාස් සහ ඉසුරු උදාන කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

සබැඳි පුවත් මෙතනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57
Video thumbnail
"ජපන් සම්ප්‍රදාය ට අනුව තිස්සට හිස නමා ආචාර කළ ජපන් මුවා"
00:04
Video thumbnail
සියඹලාණ්ඩුවට නියඟය උග්‍ර වෙයි - මිනිස්සුන්ට බොන්නත් වතුර නෑ
01:09
Video thumbnail
අගමැතිතුමිය භූතානයේ සිට යළි මව්බිමට පැමිණෙයි
02:37
Video thumbnail
වාහනේට අතක් තියන්න දෙන්න එපා, නඩු දාන්න කියපන්
02:30
Video thumbnail
තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තිදෙනෙක් නාවික හමුදාවෙන් මුදාගනී
00:49
Video thumbnail
රතු ජුන්ටාවලට අපි බය නෑ - අපි ආණ්ඩුව වට්ටනවා
00:56
Video thumbnail
නාමල්ගේ ගෙදරට තට්ටු කරපු අය ඔබේ නිවසටත් ඉක්මණින් තට්ටු කරයි
00:54