චෙම්මිනි සමූහ මිනීවළේ දෙවැනි අදියරේ නැවත කැණීම් ජූලි 21 ඇරඹෙයි

යාපනය – චෙම්මිනි සමූහ මිනී වළේ නැවත කැණීම් කටයුතු ජුලි 21 වැනි දා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම සමූහ මිනී වළෙන් මිනිස් ඇටසැකිළි 65ක් මේ වනවිට හමු වී ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව ජුලි 21 වැනිදා මෙම සමූහ මිනී වළේ දෙවැනි අදියරේ කටයුතු යළි ඇරඹෙනු ඇති.

යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රණවන් සෙල්ලයියා මහතා යාපනය අධිකරණය වෙත මේ බව දැනුම්දී තිබෙනවා.

යාපනය මහෙස්ත්‍රාත් ඒ. ආනන්දරාජා මහතාගේ අධීක්ෂණය යටතේ දෙවන අදියරේ කැණීම් කටයුතු දින 24 ක් පුර පැවති අතර එහිදී මිනිස් සිරුරුවලට ඇටසැකිලි 65ක් හමු වී ඇති අතර එම අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ භාරයේ තබා තිබෙනවා.

ඊට අමතරව චෙම්මිනි සමූහ මිනීවළේ සිදු කරන ලද කැණීම්වල දී හමු වූ මිනිස් ඇටසැකිලිවලට අමතරව බෑග්, පාවහ්න්, වීදුරු, වළලු සහ ඇඳුම් පැළඳුම් ද අධිකරණ වෛද්‍යවරයාගේ භාරයේ තබා තිබෙනවා.

චෙම්මිනි සමූහ මිණීවලට කැණීම් අරඹන තෙක් දැඩි පොලිස් ආරක්ෂාවක් ද ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?