ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

2018 වර්ෂයේදී හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකාවේ පළමුවන තොරතුරු සහ සයිබර් ආරක්ෂණ මූලෝපාය 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා ක්‍රියාත්මක කර තිබෙනවා.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් පළමුවන සයිබර් ආරක්ෂණ මූලෝපාය මත පදනම්ව සහ ලෝක බැංකුවේ සහාය ඇතිව සයිබර් ආරක්ෂාව පිළිබඳ “ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025‑2029” සකස් කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් වන සිවිල් ක්ෂේත්‍රයන් පමණක් ආවරණය වන පරිදි, නෛතික හා නියාමන රාමු වැඩිදියුණු කිරීම, දැනුම වැඩි කිරීම, සයිබර් ආරක්ෂණ සූදානම වැඩිදියුණු කිරීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ සහයෝගිතාව වැඩි කිරීම යන තේමා ක්ෂේත්‍ර පදනම් කරගෙන එකී මූලෝපාය කෙටුම්පත් කර තිබෙනවා.

ඒ අනුව, “ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය 2025‑2029” ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?