තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය තෙන්නකෝන්ගේ නඩුව ගැන නියෝගයක්

1999 වසරේ මාතලේ ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සහ තැත් කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන විශේෂ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝග කර තිබෙනවා.

ඒ මෙම පෙත්සම ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී වගඋත්තරකාර හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන් පසුවන බවත් ඔහුට ඇවිදීම පවා අපහසු බවත් දන්වා සිටියා.

ඒ අනුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?