ශ්‍රී ලංකා සවි එසවීම කණ්ඩායමට ජාත්‍යන්තරයෙන් පදක්කම් 40ක්

ජපානයේ පැවති 05 වන ආසියා, අප්‍රිකා සහ ෆැසිපික් සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ 11 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම, එහිදී සමස්ත තරගාවලියේ පදක්කම් 40ක් දිනා ගැනීමට සමත් වුණා.

ඔවුන් අතරින් පළමු කණ්ඩායම රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගෙන ඊයේ (14) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 22ක සවි එසවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කගේ සහභාගීත්වයෙන් ඉකුත් ජුලි 05 වැනි දින සිට 13 දින දක්වා ජපානයේ හිමෙජි (Himeji) නුවර දී පැවැත්වුණා.

පදක්කම් දිනා ගත් පළමු කණ්ඩායමේ සිව් දෙනෙකු ඊයේ පස්වරු 06.42 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔවුන් අතරින් කිලෝග්‍රෑම් 83 බර පන්තිය යටතේ වයස අවුරුදු 50ට වැඩි ජ්‍යෙෂ්ඨ අංශයෙන් තරග කළ චන්දන තිලකරත්න රන් පදක්කම් 03ක් සහ එක් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

කිලෝග්‍රෑම් 120 විවෘත බර පංතිය යටතේ තරග කළ උවිඳු ජයසිංහ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගැනීමට සමත් වුවා.

ඊට අමතරව කිලෝග්‍රෑම් 84 කාන්තා විවෘත අංශයෙන් තරග කළ නිදර්ශිකා කුමාරන් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් වී සිටියා.

කිලෝග්‍රෑම් 93 කනිෂ්ඨ අංශයෙන් තරග කළ සහන් විශ්වික රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

අනෙකුත් පදක්කම් දිනා ගත් පිරිස අද (15) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04