ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ ව වැඩමුළුවක්

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජූලි 11 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ රතු කුරුස සහ රතු අඬසඳ ව්‍යාපාරයේ (SLRCS) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර, ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ (ICRC) ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ හිටපු ප්‍රධානී සෙවරින් චැපාස්, ICRC ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී ඇන්ජලික් ඇපෙයිරොක්ස්, ජාත්‍යන්තර රතුකුරුස සම්මේලනයේ (IFRC) දකුණු ආසියාව සඳහා වන දේශීය පොකුරු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ජෝන් එන්ට්විස්ට්ල්, SLRCS උපදේශක සුසිල් පෙරේරා, SLRCS සන්නිවේදන ප්‍රධානී රුවන්ති ජයසුන්දර, යන මහත්ම මහත්මීහු මෙම වැඩමුළුවේ සම්පත්දායකයන් ලෙස සහභාගී වුණා.

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා සඳහන් කළේ, 1936 සිට ශ්‍රී ලංකාවට සේවය කරන ශ්‍රී ලංකා රතු කුරුස සංගමය දුෂ්කර අවස්ථාවන්හිදී රට වෙනුවෙන් පෙනී සිටි බවයි.

මැලේරියාව තුරන් කිරීම, සුනාමිය සහ සිවිල් යුද්ධය වැනි විවිධ අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා රතු කුරුස සංගමය විසින් ලබා දුන් සහාය අමතක කළ නොහැකි බව ඔහු පැවසුවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ දැනුවත් කිරීමේ ව්‍යාපෘති සහ රුධිර පරිත්‍යාග කඳවුරු ඇතුළු කටයුතු සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ දායකත්වය නියෝජ්‍ය කථානායකවරයාගේ ඇගයීමට ලක්වුණා.

එපමණක් නොව, රතු කුරුස සංවිධානයේ සහ රතු අඩසඳ ව්‍යාපාරයේ සාමාජිකයින් තම ජීවිත පරදුවට තබා යුද කලාපවල ජනතාවට ලබා දුන් සහයෝගීතාවයට නියෝජ්‍ය කථානායකවරයා සිය කෘතඥතාව පළ කළා.

ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ ආරම්භය, එය ශ්‍රී ලංකාව තුළ සිදු කරන ක්‍රියාකාරකම් සහ ICRC සහ IFRC අතර ඇති වෙනස්කම් ආදිය සහ ඔවුන් සපයන සේවාවන් පිළිබඳව ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ නියෝජිතයින් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමක් සිදු කෙරුණා.

ශ්‍රී ලංකා රතු කුරුස හා රතු අඩසඳ සංගමය සමඟ එක්ව කටයුතු කිරීමට ඇති සූදානම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙහිදී අවධාරණය කළ අතර, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16