අනිද්දා මරා දැමීමට නියමිත ඉන්දීය හෙදිය වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ – ඉන්දීය රජය

ඉන්දියාවේ හෙදියක් වන නිමෂා ප්‍රියා නමැත්තියට යේමනය මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හින්දුස්තාන් වෙබ් අඩවිය වාර්තා කළේ, ඉන්දීය ජාතික කාන්තාව එළඹෙන 16 වැනිදා මරණ දඬුවමට ලක් කිරීමට නියමිත බවයි.

යේමන රජය විසින් නිකුත් කරන ලද මෙම මරණ දඬුවම සම්බන්ධයෙන් දීර්ඝ ව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වුණු බවත් එහෙත් එම මරණ දඬුවම නවතාලිය හැකි කිසිවක් නොමැති බවත් ඉන්දීය රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

ඉන්දීය රජය සඳහන් කර ඇත්තේ; ‘ඉන්දියාවට කළ හැකි කිසිවක් නැත’ යනුවෙන්.

මෙලෙස මරණ දණ්ඩනයට අනිද්දා (ජූලි 16) ලක් වන්නේ නිමෂා ප්‍රියා නමැති ඉන්දියාවේ කේරළයේ උපන්නියක්.

කේරළයේ පලක්කඩ්හි හෙදියක් වන නිමෂා ප්‍රියා, මිනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් චෝදනාවට ලක් ව සිටිනවා.

ඇය මීට වසර කිහිපයකට පෙර යේමන් පුද්ගලයෙකු ඝාතනය කර පැන යාමට උත්සාහ කිරීමේ දී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

  1. වැරද්දක් කර ඇති බව සත්‍ය වුවත් වැරදි කරුවකුගේ උවද ජීවිතය තොර කිරීම මා අනුමත නොකරමි. බවක් ලැබීම අතිශය දුර්ලභය.

  2. වරදක් කර ඇතිබව ඔප්පු වුනත් ඇයට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සුදුසු නැහැ

    • ඔයාගෙ ගෙදර කවුරුහරි මැරුනනම් මේ මෛත්‍රීය එදාටත් තියෙය්ද.තාත්ත කෙනෙක්ට දරුවෙක් නැති උනොත් ඒ තාත්තට කරන්න පුලුවන් උපරිම දේ කරනව හරි තාත්ත කෙනෙක්නම්.සේපාල ඒකනායක මහතා උදාහරණයක්.අපේ ජාතක කතාවල ලේනෙක් පැටියා බේරගන්න මුහුද හිස් කරන්න හදපු එක බලන්න. ඒ අතින් මේ ගැහැනු කෙනා කවුරුහරි මැරුවනම් අනිවාර්යයෙන් මෙයාටත් මරන දඬුවම දෙන්න ඕන..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51