ඉන්දියාවේ හෙදියක් වන නිමෂා ප්‍රියා නමැත්තියට යේමනය මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
හින්දුස්තාන් වෙබ් අඩවිය වාර්තා කළේ, ඉන්දීය ජාතික කාන්තාව එළඹෙන 16 වැනිදා මරණ දඬුවමට ලක් කිරීමට නියමිත බවයි.
යේමන රජය විසින් නිකුත් කරන ලද මෙම මරණ දඬුවම සම්බන්ධයෙන් දීර්ඝ ව දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වුණු බවත් එහෙත් එම මරණ දඬුවම නවතාලිය හැකි කිසිවක් නොමැති බවත් ඉන්දීය රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඉන්දීය රජය සඳහන් කර ඇත්තේ; ‘ඉන්දියාවට කළ හැකි කිසිවක් නැත’ යනුවෙන්.
මෙලෙස මරණ දණ්ඩනයට අනිද්දා (ජූලි 16) ලක් වන්නේ නිමෂා ප්‍රියා නමැති ඉන්දියාවේ කේරළයේ උපන්නියක්.
කේරළයේ පලක්කඩ්හි හෙදියක් වන නිමෂා ප්‍රියා, මිනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් චෝදනාවට ලක් ව සිටිනවා.
ඇය මීට වසර කිහිපයකට පෙර යේමන් පුද්ගලයෙකු ඝාතනය කර පැන යාමට උත්සාහ කිරීමේ දී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.





