තෙල් ප්‍රවාහනයට ටෙන්ඩර් කැඳවීමක් නිසා ටැංකි රථ හිමියන් කනස්සල්ලෙන්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් කුරුණෑගල පිහිටි තොග ගබඩා පර්යන්තය වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට බවුසර් රථ යොදා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා අද (13) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ මෙම ටෙන්ඩර් පටිපාටිය තුළින් ටැංකි රථ හිමියන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත්වන බවයි.

කෝප් කමිටුව විසින් ලබාදුන් නිර්දේශ මත මෙම ටෙන්ඩර් කැඳවීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර ඇති බවයි සම ලේකම්වරයා සඳහන් කළේ.

මෙම ක්‍රියාදාමය තුළින් පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණක් අදාළ ටෙන්ඩරය හිමිවීම තුළ අනෙකුත් ටැංකි රථ හිමියන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?