තෙල් ප්‍රවාහනයට ටෙන්ඩර් කැඳවීමක් නිසා ටැංකි රථ හිමියන් කනස්සල්ලෙන්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් කුරුණෑගල පිහිටි තොග ගබඩා පර්යන්තය වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට බවුසර් රථ යොදා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා අද (13) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ මෙම ටෙන්ඩර් පටිපාටිය තුළින් ටැංකි රථ හිමියන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත්වන බවයි.

කෝප් කමිටුව විසින් ලබාදුන් නිර්දේශ මත මෙම ටෙන්ඩර් කැඳවීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කර ඇති බවයි සම ලේකම්වරයා සඳහන් කළේ.

මෙම ක්‍රියාදාමය තුළින් පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණක් අදාළ ටෙන්ඩරය හිමිවීම තුළ අනෙකුත් ටැංකි රථ හිමියන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12