ග්‍රයින්ඩරයක තලයක් කැඩී ගොස් පපුවේ වැදීමෙන් බරපතළ තුවාල ලැබූ ළමයෙක් මියගිය පුවතක් කටාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක දරුවෙක් බවයි කටාන පොලිසිය පැවසුවේ.
මෙම ළමයා ඊයේ (11) පෙරවරුවේ සිය මහප්පාට අයත් වැඩපොළට පැමිණ ග්‍රයින්ඩරයෙන් පී.වී.සී. බටයක් කැපීමට උත්සාහ ගෙන තිබෙනවා.
එම අවස්ථාවේ දී ග්‍රයින්ඩරයේ තලය කැඩී ගොස් එහි කොටසක් ළමයාගේ පපු ප්‍රදේශය පසාරු කර ඇනී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී බටපතළ තුවාල ලැබූ එම ළමයා වහාම මීගමුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එලෙස රෝහල් ගතකර ළමයා ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (11) දහවල් මියගොස් ඇති බවයි කටාන පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





