එයාර් ඉන්දියා ගුවන් අනතුර නියමුවා හිතාමතාම සිදුකළ බවට චෝදනාවක් – ඉන්දීය ගුවන් නියමුවන් කනස්සල්ලෙන්

පසුගිය ජුනි 12 වන දින සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර, නියමුවා හිතාමතාම සිදුකළ එකක් බවට ඉන්දියාවේ ප්‍රමුඛ ගුවන් සේවා විශේෂඥයෙකු වන කපිතාන් මොහාන් රංගනාදන් පවසනවා.

ඉන්ධන විසන්ධි කිරීමේ ස්විචයන් සහ නියමු කුටියේ සිදුවූ සංවාදයේ අනුපිළිවෙල පෙන්වා දෙමින් කපිතාන් මොහාන් රංගනාදන් පවසන්නේ අනතුර හිතාමතා කළ ක්‍රියාවන් නිසා ඇති වූවක් විය හැකි බවයි.

NDTV ප්‍රවෘත්ති නාළිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ගුවන් යානයේ සිටි පුද්ගලයින් 242 දෙනෙකුගෙන් 241 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය සිදුකළ විමර්ශනයේ වාර්තාව අද අලුයම් කාලයේ නිකුත් කරනු ලැබුවා.

යානයේ එන්ජින් වෙත ඉන්ධන ප්‍රවාහය පාලනය කරන ඉන්ධන කඩඉම් ස්විච, තත්පරයක් ඇතුළත ‘RUN’ සිට ‘CUTOFF’ ස්ථානයට එකින් එක සංක්‍රමණය වී ඇති බවත්, මේ හේතුවෙන් එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම මෙම අනතුර හේතු වී ඇති බවයි එමඟින් අනාවරණය කර ඇත්තේ.

මේ අතර මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් වඩා විනිවිද භාවයකින් යුතු විමර්ශනය අවශ්‍යතාව මතුවන බව ඉන්දීය ගුවන් නියමුවන්ගේ සංගමය සඳහන් කරනවා.

මෙම අනතුරේ විමර්ශන හසුරුවන ආකාරය පිළිබඳව එම සංගමය කනස්සල්ල පළකරන අතර, ගුවන් නියමුවාගේ වරදින් අනතුර සිදුවූ බවට අනුමාන කෙරෙන දිශාවකට විමර්ශන යොමුවීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි විරෝධය පළ කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
7
+1
4
+1
15
+1
5
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?