ඇමරිකානු ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන සභාපති ඇතුළු සාමාජිකයන් පිරිසක් සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී අද (11) පැවැත් වුණා.
ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන සභාපති ආචාර්ය ක්‍රිස් එලියස් සිය පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බවත්, මෙම විශේෂ හමුව සඳහා පාර්ලිමේන්තුව වෙත ආරාධනා කිරීම පිළිබඳව තමන් සතුටට පත් වන බවත් මෙහිදී සඳහන් කළා.
ශ්‍රී ලංකාව සමඟ සහයෝගීව කටයුතු කිරීමට ගේට්ස් පදනම ඉතා කැමැත්තෙන් පසුවන බව පැවසූ ආචාර්ය ක්‍රිස් එලියස්, මෙරට දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ අවශ්‍යතා ඉහළ නැංවීම, තිරසාර කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නව ඩිජිටල් මෙවලම් භාවිතය ආදිය සම්බන්ධයෙන් ගේට්ස් පදනමේ සහයෝගය දීමේ හැකියාව පිළිබඳව ද සඳහන් කර සිටියා.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය ගේට්ස් පදනම විසින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීම වෙනුවෙනුත්, මාතෘ හා ළමා පෝෂණය ප්‍රවර්ධනය කරමින් මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව ඉන් මුදවාගැනීම වෙනුවෙනුත් සුවිශේෂී අවධානයක් යොමු කරමින් සිදුකරන මෙහෙය විශේෂ ඇගයීමට ලක් කළා.
ඊට අමතරව ආසියාතික රටවල ඩිජිටල් තාක්ෂණික සංවර්ධනය උදෙසා ද මෙම පදනම මඟින් ලබාදෙන සහයෝගය පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබුවා.





