T20 ශ්‍රේණිගත කිරීම් හි මුල් කණ්ඩායම් 05 අතරට පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව බව නායක චරිත් අසලංක පවසනවා.
බංග්ලාදේශයට එරෙහිව අද (10) රාත්‍රියේ දී පල්ලෙකැලේ දී ආරම්භ වීමට නියමිත T20 තරගාවලියට පෙර මාධ්‍ය හමුවට එක්වෙමින් අසලංක පැවසුවේ, ඒ වෙනුවෙන් කණ්ඩායමේ ක්‍රීඩකයින් මනා ලෙස කළමනාකරණය කරගනිමින් කටයුතු කළ යුතු බවයි.
කණ්ඩායමේ සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දසුන් ශානක හා චාමික කරුණාරත්න කැඳවා ඇති බවත් ඔවුන්ගෙන් පිතිකරණයෙන් තුන් ඉරියව් දක්ෂතාව හා පන්දු යැවීමෙන් තුන් ඉරියව් දක්ෂතාව තරගයට ලබා ගැනීම සැලසුමක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පැවසුවේ.
දසුන් ශානක කණ්ඩායමේ 06 වැනි ස්ථානයේ ක්‍රීඩා කළ ද, එය තවමත් නිශ්චිත නොවන බවත්, තරගය අතරතුර දී එය වෙනස් විය හැකි බවත්, කෙසේවෙතත් අවිශ්ක ප්‍රනාන්දු අංක 04 හා චාමික කරුණාරත්න අංක 07 ක්‍රීඩා කිරීම සුදුසු බව ද අසලංක වැඩිදුරටත් සඳහන් කළා.





