පිල්ලෙයාන් කියූ දේවල්වලින් ඇල්ලූ සැකකරුවන් ව පැය 72ක් රඳවා තබා ප්‍රශ්න කෙරේ

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් හෙළි වූ කරුණු මත ඝාතන හා පැහැර ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු පැය 72ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු බවට පැවසෙන මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (07) කල්මුණේ ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, 2007, 2008 වර්ෂවල නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් මනුෂ්‍ය ඝාතන, පුද්ගල පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, ගිනි අවි පරිහරණය කිරීම්, වධකාගාර පවත්වාගෙන යාම හා කප්පම් ලබා ගැනීම් යන අපරාධ සිදු කිරීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් සිදු කරන විමර්ශනයට අදාළවයි.

එමෙන්ම, ජුලි 06 වැනි දිනයේදී නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී සහ සිවලිංගම් තවසීලන් නමැති පුද්ගලයෙකු ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?