වාහන ආනයනය පිළිබඳව අනියත බියක් ඇතිකරගෙන ඇති බව පෙනී යන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අද (08) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්විමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර පසුගිය ජුනි මාසයේ දී නිල සංචිත වත්කම් 3.3%කින් පහළට යෑමට වාහන ආනයනය හේතුව මත සිදුවූවක් නොවන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.
මාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළකළා.
ඇමරිකානු ඩොලර් මිලියන 1,200ක සීමාවක සිටිමින් වාහන ආනයනය කිරීමට බලාපොරොත්තුවන බවත්, එම සීමාව ඉක්මවා නොයන බවත් ඉතාමත් සුපරික්ෂාකාරීව එම වාහන ආනයනය සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.





