මට්ටක්කුලිය පාලම ආසන්නයේ දී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයකින් කුඩා දරුවෙකු පැන තිබෙනවා.
එම සිදුවීම ඒ අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම දරුවාගේ මව විසින් දරුවා ව පළමු වරට පාසල් යැවීමට මෙලෙස ත්‍රීරෝද රථයකට නංවා ඇති බව වාර්තා වනවා.
කෙසේවෙතත් මව එම ත්‍රීරෝද රථයේ දරුවා සමග නොපැමිණීම හේතුවෙන් එම දරුවා මෙලෙස ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයෙන් බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසියෙන් කළ විමසීමක දී පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් දැනගන්නට ලැබුණ ද, මෙතෙක් කිසිදු පැමිණිල්ලක් හෝ ලැබී නොමැති බවයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
15
+1
9
+1
15
+1
1
+1
4





