ආචාරධර්ම උල්ලංඝනය කරන මාධ්‍ය ආයතන ගැන රජයේ ප්‍රතිපත්තිය ජනමාධ්‍ය ඇමති හෙළිකරයි

ජනමාධ්‍ය සබන්ධයෙන් කටයුතු කිරීමේ දී රජයේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත්තේ, රජය ජනමාධ්‍ය නියාමනය කිරීම නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එමෙන්ම ජනමාධ්‍ය සමඟ සිදුකරන විධිමත් සාකච්ඡාවකින් සහ එකඟතාවයකින් කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

නීති පැනවීමට වඩා මධ්‍ය ක්ෂේත්‍රයත් සමඟ සාකච්ඡා කරමින් මෙම ගමන යාමට කටයුතු කරන බව ද ඔහු පවසා සිටියා.

මාධ්‍ය ආයතන හෝ ජනමාධ්‍යවේදීන් රටේ පොදු නීතියට අනුකූල නොවන අයුරින් කටයුතු කරනවා නම් ඊට පවතින නීතිය මඟින් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරන ජනමාධ්‍ය ආයතන සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන තීරණය කුමක් ද ? යන්න ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අද (08) පාර්ලිමේන්තුවේ දී ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

අදාළ ප්‍රශ්නය ජාතික ජනබලවේගයේ මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර විසින් ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් අසනු ලැබුවා.

මේ අතර තවත් මාස තුනකින් මාධ්‍ය නව ප්‍රතිපත්තිය එළි දැක්වීමේ හැකියාව පවතින බවයි ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07