ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ CEO පුටුවට ඉන්දියානුවෙක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා (CEO) ලෙස ඉන්දීය ජාතික සංජෝග් ගුප්තා පත්කර තිබෙනවා.

මෙම වසර මුලදී චැම්පියන්ස් කුසලානයට පෙර පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වූ ඕස්ට්‍රේලියානු ජෙෆ් ඇලර්ඩිස් වෙනුවට සංජෝග් ගුප්තා එම තනතුර සඳහා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

සංජෝග් ගුප්තා දැනටමත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිතයක් වන අතර, ඔහු ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙක් ද වනවා.

ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් ක්වාජා, එංගලන්ත ක්‍රිකට් සභාපති රිචඩ් තොම්සන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ඉන්දීය ක්‍රිකට් ලේකම් දේවජිත් සයිකියා යන අයගෙන් සමන්විත නාමයෝජනා කමිටුව විසින් සංජෝග් ගුප්තා විධායක නිලධාරී තනතුර සඳහා නිර්දේශ කර තිබෙනවා.

ඒ, අනුව එම නිර්දේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා විසින් අනුමත කරන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14