ටෙක්සාස් ප්‍රාන්තයේ හදිසි ගංවතුරකින් 24ක් ජීවිතක්ෂයට – කඳවුරක සිටි පිරිසක් අතුරුදන්

එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුරක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.

ටෙක්සාස් ආණ්ඩුකාර ඩෑන් පැට්‍රික් පවසන්නේ මෙම ගංවතුරෙන් ගිම්හාන කඳවුරක සිටි ගැහැණු ළමයින් 20කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

ටෙක්සාස් ප්‍රාන්තයේ ළමයින් 700 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් මෙම ගිම්හාන කඳවුර පවත්වා ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, සිකුරාදා (04) දිනයේ ඇතිවූ මෙම ගංවතුර හේතුවෙන් කොපමණ පිරිසක් අතුරුදහන් වී ඇත්දැයි ඔවුන් නොදන්නා බව බලධාරීන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ අතර ගංවතුරින් විපතට පත්ව සිටි පුද්ගලයින් 237 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි ටෙක්සාස් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මිනිත්තු 45ක් ඇතුළත ග්වාඩලූප් ගඟේ ජල මට්ටම අඩි 26ක් පමණ ඉහළ ගිය බවයි.

මේ අතර ගං වතුරට හේතුවෙන් විදුලි සංදේශ යටිතල පහසුකම්වලට හානිවීම නිසා කලාපයේ බොහෝ දෙනෙකු සමඟ සම්බන්ධතා පැවැත්වීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.

එරට ජාතික කාලගුණ සේවය පවසන්නේ බටහිර-මධ්‍යම ටෙක්සාස් හි ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සිකුරාදා (04) දහවල් දක්වා කලාපය පුරා ධාරානිපාත වැසි ඇද හැලුනු අතර, තව දුරටත් තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි වාර්තා වෙන්නේ.

මේ අතර දකුණු මධ්‍යම ටෙක්සාස් හි බටහිර ලැනෝ ප්‍රාන්තයට හදිසි ගංවතුර අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43
Video thumbnail
ථූපාරාමයේ, රන්කොත් වෙහෙරේ පින් කැට පොහොය දින රාත්‍රියේ සොරුන් කඩාගෙන ගිහින්
03:12
Video thumbnail
සංගීත් විජේසූරිය කළු සල්ලි සුදු කරන්න හදලා තියෙන්නේ
02:48
Video thumbnail
අනේ අපිව දාලා ගියානේ අපේ දෙයියෝ
01:33
Video thumbnail
වැලිගම දී සෙල්ලම් දාපු යතුරුපැදි රැසක් කොටුවෙයි
02:03
Video thumbnail
බඹරු ප්‍ර#රයකට ලක් වී පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:56
Video thumbnail
අපේ රටේ තෙල් ළිං නෑනේ - මිල වැඩිවීම අපිට වළක්වන්න බෑ
03:49
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08