සුප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමේ සිටි අයියා – මලෝ මාරක අනතුරකින් අවසන් ගමන් යයි

සුප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් වන ලිවර්පූල් හි ඉදිරිපෙළ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා (Diogo Jota) සහ ඔහුගේ සහෝදරයා වන පෘතුගාල පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ඇන්ඩෘ ද සිල්වා (Andre Silva) ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කරන්නේ 28 හැවිරිදි වියෙහි පසු වූ මෙම තරුණ ක්‍රීඩකයින් දෙපොළ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත්තේ, ස්පාඤ්ඤයේ සැමෝරා ප්‍රාන්තයේ සිදු වූ මෝටර් රථ අනතුරකදී බවයි.

එරට වේලාවෙන් අද (03) අලුයම් කාලයේ දී මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරින් මියගිය ජෝටාගේ සහෝදරයා වන ඇන්ඩෘ ජීවිතක්ෂයට පත් වන විට පසුවූයේ 26 හැවිරිදි වියෙහියි.

මෙම ක්‍රීඩකයින් දෙපොළ ගමන් කරමින් සිටි ලැම්බොගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේ දී සිය වාහනයේ ටයරයක් පුපුරා ගොස් මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් තිබෙනවා.

ඉන්පසුව එය ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ඩියෝගෝ විවාහ දිවියට පත්ව ගත ව ඇත්තේ ද හරියට ම දින 08ක් පමණයි.

ඔහු ජුනි මස 22 වැනි දින විවාහ දිවියට පත් වන්නේ රූට් කාර්ඩෝසෝ සමගින් බවත් පැවසෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය ඔහු මිය යාමට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවයි.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගැනීමට බෙහෙවින් දායක වූ අතර, ජුනි මාසයේ පැවති නේෂන්ස් ලීගයේ අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤය පරාජය කරමින් පෘතුගාලය වෙනුවෙන් ද ක්‍රීඩා කළා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඩියෝගෝ ජාත්‍යන්තර තරග 50කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති විශිෂ්ට ක්‍රීඩකයෙකු බවයි.

ජාත්‍යන්තර පිටියේ දී, ජෝටා පෘතුගාලය වෙනුවෙන් තරග 49 කදී ගෝල 14 ක් රැස් කළා.

රසිකයන් ඇන්ෆීල්ඩ් පිටත රැස්වී හිල්ස්බරෝ අනුස්මරණයේ දී ඩියෝගෝ ජෝටාට මල් කලඹක් තබා අවසන් ගෞරව දැක්වීමට පටන්ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03