UPDATE: කඳාන වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වැලි සමීරගේ මස්සිනා බවට හෙළිවෙයි (වීඩියෝ)

කඳාන වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට දී අද (03) පෙරවරු 10ට පමණ එල්ල වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනෝහර නමැත්තා සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටි අනෙක් තැනැත්තායි.

සමීර මනෝහර නමැත්තා නැතහොත් වැලි සමීර යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තාව වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇති බව ද හෙළි ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමට T56 ගිනිඅවියක් භාවිත කර ඇති බවත්, ප්‍රධාන ඉලක්කය වූ සමීර නමැත්තා සුළු තුවාල ලබා මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් වාර්තා වනවා.

වෙඩි ප්‍රහාරයට ලක් වූවන්, වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇති බවයි හෙළි ව ඇත්තේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයා උපාලි අමුණුවිල නමැත්තෙක් වන අතර ඔහු සමීර මනහර නමැත්තාගේ මස්සිනා බවත් වාර්තා වනවා.

ඔවුන් දෙදෙනා කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් නැවත සිය නිවසට යමින් සිටියදී, එනම් ඔවුන්ගේ නිවසට මීටර 500ක් පමණ දුරක දී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති වාර්තාකරු පැවසුවේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03