ජනාධිපති ලේකම් හා නෙදර්ලන්ත තානාපති අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach) අතර සාකච්ඡාවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

නෙදර්ලන්තය සතුව දැනට පවතින ශ්‍රී ලංකාවේ පෞරාණික භාණ්ඩ සහ පුස්කොළ පොත් නැවත මෙරටට ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.

ශ්‍රී ලංකා රජය විසින් මෙම කාර්යයේ දී දක්වන ලද සහයෝගය සම්බන්ධයෙන් බොනී හෝර්බාක් මහත්මිය (Bonnie Horbach) ස්තුතිය පළ කළ අතර, දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එය වැදගත් අවස්ථාවක් ලෙස සලකන බවද ප්‍රකාශ කළා.

යටත්විජිත ලෙස පැවති රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට යටත්විජිත කෞතුක භාණ්ඩ ඒවායේ මුල් රටවල් වෙත නැවත භාර දිය යුතුය යන ප්‍රතිපත්තිමය තීරණයට නෙදර්ලන්ත රජය එළැඹ සිටිනවා.

ඒ අනුව, ඔවුන්, එම කෞතුක භාණ්ඩ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කාර්යයෙහි මුලපිරීමක් ලෙස පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, එහිදී, එරට පවතින යටත්විජිත කෞතුක භාණ්ඩ සම්බන්ධයෙන් ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා.

එහි ආරම්භයක් ලෙස, ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් දෙර‌ටෙහි පර්යේෂකයින් විසින් නෙදර්ලන්තයේ ඇති පුස්කොළ අත්පිටපත් එකතුව පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට ද අපේක්ෂා කෙරෙනවා.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, නෙදර්ලන්ත තානාපතිනියගේ සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක ක්‍රිෂේන් මෙන්ඩිස් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39