දින 08ක් රටවල් 05ක මෝදි සිදු කරන දීර්ඝතම රාජ්‍ය තාන්ත්‍රික සංචාරය හෙට

දස වසරකට පසුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය දීර්ඝතම රාජ්‍ය තාන්ත්‍රික සංචාරය හෙට (02) ආරම්භ කිරීමට නියමිතයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දින 08ක් තුළ රටවල් 05ක මෝදි සංචාරය කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෝදි මෙම සංචාරය ඝානාවෙන් ආරම්භ කරන අතර කැරිබියානු රාජ්‍යයක් වන ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ වෙත හා ඉන්පසුව ආර්ජින්ටිනාවට ද මෝදි ගමන් කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

අගමැති නරේන්ද්‍ර මෝදි ජූලි 02 වන බදාදා සිට ජූලි 9 වන දින දක්වා සිය පස්-ජාතීන් සංචාරය ආරම්භ කිරීමට සූදානම් බවයි ඉන්දීය රජයේ පාර්ශ්වය දැනුම්දෙන්නේ.

ඝානාවෙන් ආරම්භ වන මෙම සංචාරය, වසර 10කට ආසන්න කාලයක් තුළ අග්‍රාමාත්‍යවරයාගේ දීර්ඝතම රාජ්‍ය තාන්ත්‍රික සංචාරය සනිටුහන් කරනු ඇති.

මෝදිගේ පස්-ජාතීන් සංචාරය දකුණු අමෙරිකානු, කැරිබියන් සහ අප්‍රිකානු රටවල් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

ආජන්ටිනාවේ සිට, අගමැති මෝදි 17 වන බ්‍රික්ස් – 2025 සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයට යන අතර පසුව හතරවන අදියර සඳහා නැමීබියාවට යනු ඇති.

මෙම සංචාරය වසර 30කට පසු ඉන්දීය අගමැතිවරයෙකුගේ පළමු සංචාරය ද සනිටුහන් කරනවා.

මෝදි ඝානාවේ පාර්ලිමේන්තුව ද ඇමතීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?