වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කල් යයි

ඉන්ධන මිල සංශෝධනයත් සමඟ අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය ක්‍රියාත්මක නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ ජාතික ගමනා ගමන කොමිසම රැස් වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවයි.

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කළ අතර, ඒ අනුව එම මිල වැඩිවීම බස් ගාස්තු සංශෝධනය හා ගැලපිය යුතු බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මීට පෙර සඳහන් කළේ අද (01) සිට 2.5%ක බස් ගාස්තු අඩු වීමක් සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?