වැඩබිමක ආරවුල දුර ගිහින් පුද්ගලයෙක් ඝාතනය කරලා

මොරොන්තුඩුව පොලිස් වසමේ ගෝනදූව, කවටයාගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (30) රාත්‍රී කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

වැඩබිමක දී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම වැඩබිමෙහි සේවය කරන පුද්ගලයෙකු විසින් මෙම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි වාර්තා වුණේ.

පහර කෑමෙන් බරපතළ තත්ත්වයේ සිටි එම පුද්ගලයා ගෝනදූව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ලක්ව ඇත්තේ ලුණුවිල, බන්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 29ක පුද්ගලයෙක්.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මොරොන්තුඩුව පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36