දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
එම කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා වන යෝජනාව කැබිනට් අනුමැතියට යොමුකර ඇති බවයි.
අනුමැතිය ලැබීමෙන් අනතුරුව දකුණු කොරියාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමටත්, ඉන් අනතුරුව ශ්‍රමික පිරිස් රැකියා සඳහා යොමුකරන බව ද ඔහු සඳහන් කළා.
දැනට දකුණු කොරියාවේ ප්‍රාන්ත 04ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති අතර, මේ මස 10 වන දින අවසන් වන විට ඊට අත්සන් කිරීමට හැකිවනු ඇතැයි වාර්තා වනවා.
මෙම රැකියා සම්බන්ධයෙන් විවිධ සමාජමාධ්‍ය ජාලාවල සංසරණය වන අසත්‍ය තොරතුරු කෙරෙහි විශ්වාසය නොතබන ලෙසයි සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ.
මෙම රැකියා සඳහා පුද්ගලයන් බඳවාගැනීම සුදුසුකම් මත පමණක් විනිවිදභාවයෙන් සිදු කරන බව ද කෝෂල වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.
කිසිදු අතරමැදියෙකුට මුදල් දීමෙන් වළකින ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින අතර බඳවාගැනීම් හා සියලු තොරතුරු ඉදිරියේ දී ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.















