කුරුණෑගල – මිල්ලව ව්‍යාපාරිකයාගේ ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට

කුරුණෑගල , මිල්ලව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ මරණය, ඝාතනයක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වයඹ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළ අතර, එහිදී ව්‍යාපාරිකයාගෙන් සොරාගත් රුපියල් ලක්ෂ 14කට වැඩි මුදලක් සහ ලක්ෂ 48ක රන් අභරණ සමඟ දොරටියාව සහ මහව ප්‍රදේශවල දී ඊයේ (29) සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19 සහ 27 යන වයස්වල පසුවන මහව සහ පිලැස්ස යන ප්‍රදේශවක පදිංචිකරුවන් දෙදෙනෙක්.

මහව, දියටැඹේ කැළෑබද ප්‍රදේශයක මෝටර් රථයක් තුළ පුලූස්සා දමා තිබියදී මෙම ව්‍යාපාරිකයාගේ සිරුර පොලිසිය විසින් පසුගිය 26 වනදා පස්වරුවේ සොයා ගැණුනා.

49 හැවිරිදි වියේ පසු වූ මොහු කුරුණෑගල, මිල්ලව ප්‍රදේශයේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකු වනවා.

මෙම ව්‍යාපාරිකයා පසුගිය දා (25) නිවසින් පිටව ගොස් තිබුණේ, කොන්ඩය කැපීම සදහා යන බව පවසමින්.

එහෙත් සවස් වනතුරුත් යළි නිවසට නොපැමිණීම හා ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලිසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

මේ අතර ගවයන් බැලීමට කැලෑ ප්‍රදේශයට ගිය පුද්ගලයෙකු ලබාදුන් තොරතුරක් ඔස්සේ සිදුකළ සෝදිසි කිරීමේ දී පිළිස්සී මියගිය මෙම ව්‍යාපාරිකයාගේ සිරුර පොලිසිය විසින් සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?