කුරුණෑගල – මිල්ලව ව්‍යාපාරිකයාගේ ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට

කුරුණෑගල , මිල්ලව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ මරණය, ඝාතනයක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වයඹ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළ අතර, එහිදී ව්‍යාපාරිකයාගෙන් සොරාගත් රුපියල් ලක්ෂ 14කට වැඩි මුදලක් සහ ලක්ෂ 48ක රන් අභරණ සමඟ දොරටියාව සහ මහව ප්‍රදේශවල දී ඊයේ (29) සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19 සහ 27 යන වයස්වල පසුවන මහව සහ පිලැස්ස යන ප්‍රදේශවක පදිංචිකරුවන් දෙදෙනෙක්.

මහව, දියටැඹේ කැළෑබද ප්‍රදේශයක මෝටර් රථයක් තුළ පුලූස්සා දමා තිබියදී මෙම ව්‍යාපාරිකයාගේ සිරුර පොලිසිය විසින් පසුගිය 26 වනදා පස්වරුවේ සොයා ගැණුනා.

49 හැවිරිදි වියේ පසු වූ මොහු කුරුණෑගල, මිල්ලව ප්‍රදේශයේ ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකු වනවා.

මෙම ව්‍යාපාරිකයා පසුගිය දා (25) නිවසින් පිටව ගොස් තිබුණේ, කොන්ඩය කැපීම සදහා යන බව පවසමින්.

එහෙත් සවස් වනතුරුත් යළි නිවසට නොපැමිණීම හා ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලිසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

මේ අතර ගවයන් බැලීමට කැලෑ ප්‍රදේශයට ගිය පුද්ගලයෙකු ලබාදුන් තොරතුරක් ඔස්සේ සිදුකළ සෝදිසි කිරීමේ දී පිළිස්සී මියගිය මෙම ව්‍යාපාරිකයාගේ සිරුර පොලිසිය විසින් සොයා ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
9
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම දෙසයි..ඉන්දියාවේ රෙද්ද අස්සේ රි#ගගෙන ආණ්ඩුව වැඩ කරන්නේ
07:39
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09


?