වැස්සේ සෙල්ලම් කරන්න අවශ්‍ය බව කී පුතාට, පියා පිහියෙන් ඇන ඝාතනය කරලා

වැස්සේ සෙල්ලම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකින් පසු පියා විසින් තම පුත්‍රයා ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ අගනුවරින් වාර්තා වනවා.

නිරිතදිග දිල්ලියේ සාගර්පූර් ප්‍රදේශයේ ඊයේ (29) දහවල් සිදුව ඇති මෙම අපරාධයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 10ක පිරිමි දරුවෙක්.

මෙම ළමයා වැස්සේ සෙල්ලම් කිරීමට නිවසින් පිටතට යාමට බල කළ අවස්ථාවේ කෝපයට පත් පියා විසින් පිහියකින් ඇන දරුවා ඝාතනය කර ඇති බවයි දිල්ලි පොලිසිය සඳහන් කළේ.

පියාගේ පිහි ප්‍රහාරයට ලක්වූ දරුවා, දාදා දේව් රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඝාතනයට ලක්වූ පිරිමි ළමයා තම සහෝදරියන් තිදෙනා හා පියා සමඟ සාගර්පූර් ප්‍රදේශයේ මොහාන් බ්ලොක් හි කුලියට ගත් නිවසක ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන්ගේ මව මීට වසර කිහිපයකට පෙර මිය ගොස් ඇති අතර පියා විසින් මෙම දරුවන් රැකබලාගෙන තිබෙනවා.

අපරාධය සිදුකළ බව කියන සැකකාර 40 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව මිනීමැරුම් නඩුවක් ලියාපදිංචි කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21