පරවි වැල්ල මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළී දෙදෙනෙක් අතුරුදන්

තංගල්ල – පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව ඇති බව වාර්තා වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ධීවර යාත්‍රාවේ ධීවරයින් හය දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ධීවරයින් සිව්දෙනෙක් දිවි බේරාගෙන ඇති අතර, දෙදෙනෙක් මේ වනවිට අතුරුදන්ව ඇති බවයි තංගල්ල පොලිසිය සඳහන් කළේ.

පෙරේදා මුහුදු ගොස් ඇති මෙම ධීවර යාත්‍රාව ඊයේ (28) රාත්‍රියේ යළි ගොඩබිමට පැමිණෙමින් සිටිය දී ගල් පරයක ගැටී යාත්‍රාව පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන්ව ඇති ධීවරයින් දෙදෙනා සොයය මෙහෙයුම් සඳහා නාවික හමුදා යාත්‍රා දෙකක් සහ තවත් ධීවර යාත්‍රා කිහිපයක් යොදවා ඇති බව වාර්තා වනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?