ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම්කර තිබෙනවා.
චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
දෙරට අතර පළමු එක්දින තරගය ජූලි 02 වනදා ආරම්භ වන අතර, දෙවන තරගය එළඹෙන 05 වනදා පැවැත්වීමට නියමිතයි.
එම තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගංණයේ දී පැවැත්වෙන අතර, තුන්වන සහ අවසන් එක්දින තරගය ජූලි 08 වනදා පල්ලකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිෂාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, මිලාන් රත්නායක, ඩිල්ෂාන් මදුෂංක, අසිත ප්‍රනාන්දු, එෂාන් මාලිංග















Chandimal nene
Kusal janith ko.eya innama o ne kenek
Kusal Janith and Chandimal should be in the squad. They are the most senior players who are currently playing
Lonthayawa dalane, (kusal mendis), anika ko dasun shanaka chandimal, lonthayata hapan wanindu gal modayek wagema patta pandithayek,