ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් අමෙරිකාවට කිසිදෙයක් ලැබුණේ නෑ – අයතුල්ලා කමේනි

මැදපෙරදිග යුද්ධයේ දී අමෙරිකාව ඊට මැදිහත් වී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කරන ලද ප්‍රහාරවලින් අමෙරිකාවට කිසිදු දෙයක් නොලැබුණු බව සටන් විරාමයෙන් පසු පළමු වරට ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනි පවසනවා.

ඊශ්‍රායලය සමඟ සටන් විරාමයකට එකඟ වීමෙන් පසු කමේනි පළමු ප්‍රසිද්ධ දේශනයේ දී වැඩිදුරටත් පැවසුවේ අමෙරිකාවට “කිසිදු ජයග්‍රහණයක් අත්කර නොගත්” බවට සඳහන් කර ඇති බව බීබීසී මාධ්‍ය වාර්තා කළා.

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කිරීමට මෙම ප්‍රහාර “සැලකිය යුතු කිසිවක් ඉටු නොකළ” බව අයතුල්ලා අලි කමේනි පැවසූ අතර, කටාර්හි ඇමරිකානු ගුවන් කඳවුරකට එල්ල කළ පළිගැනීම “දැඩි පහරක්” ලෙස විස්තර කළා.

මෙම ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික අභිලාෂයන් දැඩි ලෙස අඩපණ කර ඇති බවට වොෂින්ටනය තක්සේරු කිරීම දෙගුණ කිරීමත් සමඟ එය සිදු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් රැස් කරන ලද බුද්ධි තොරතුරු මගින් “න්‍යෂ්ටික වැඩසටහනට සැලකිය යුතු ලෙස හානි කර ඇති බවත්, එය වසර ගණනාවක් පසුබෑමට ලක් කර ඇති බවත්” පෙන්නුම් කළ බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසුවා.

එවන් තත්ත්වයක් මතයි ඉරාන උත්තරීතර නායකයා මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18