මාර්ග ආරක්ෂාව හා රක්ෂණය ගැන පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන ඇරඹෙයි

දෛනිකව සිදුවන රිය අනතුරු වළක්වා ගනිමින් මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පුරවැසියන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව “Clean Steps – Safety Roads – Be united for road safety” මාර්ග ආරක්ෂාව හා රක්ෂණය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් අද (26) රුහුණු විශ්වවිද්‍යාලයේ රබින්ද්‍රනාත් තාගෝර් ශාලාවේ හා මාතර වෙරළ උද්‍යානය අසලදී පැවැත්වුණා.

පොලීසියේ දායකත්වයෙන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වන මාර්ග ආරක්ෂක සංදර්ශණය මාතර වෙරළ උද්‍යානය අසල දී අද පෙරවරු 8.00 සිට පැවැත්වුණු අතර, මාතර අධ්‍යාපන කලාපයේ පාසල් සිසු සිසුවියෝ 1300ක් පමණ ඊට සහභාගී වුණා.

අනාගතයේදී ආචාර ධාර්මික පුරවැසියන් ලෙස මාර්ග නීති අනුගමනය කෙරෙහි පාසල් දරුවන් වර්තමානයේ සිටම හුරු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මාර්ග නීති පිළිබඳ දැනුවත් කිරීම, අනතුරු වළක්වා ගැනීම සහ ඒ සඳහා වගකීම් සහිතව ක්‍රියා කිරීම පිළිබඳ පාසල් මාර්ග ආරක්ෂණ කව බල ගැන්වීමද මෙමගින් අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18