සුවහසක් ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම වූ පැතුම්ගෙන් සුපිරි ශතකයක්

බංග්ලාදේශයට එරෙහිව මේ වනවිට (26) පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ දී සුපිරි ටෙස්ට් ශතකයක් වාර්තා කිරීමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හැකි වුණා.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙරට අතර තරගයේ පළමු ඉනිම වෙනුවෙනුයි පැතුම් මෙම දක්ෂතාව දැක්වූයේ.

ඒ පන්දු 167කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් රැස් කරගනිමින්.

පැතුම් අද දිනයේ දී ලබාගත්තේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ සිව්වැනි ශතකයයි.

එමෙන්ම පැතුම් අද දිනයේ දී ලබාගත්තේ සිය මව්බිමේ දී අඛණ්ඩ ව ලබාගත් දෙවැනි ටෙස්ට් ශතකය ද වනවා.

මේ වනවිට පැතුම් සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් වටිනා අර්ධ ශතකයක් ද සමගින් නොදැවී ලකුණු 58ක් ලබා සිටිනවා.

බංග්ලාදේශය පළමු ඉනිමට සියල්ලන් ම ලකුණු 247කට දැවී ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට එක් කඩුල්ලක් බිඳ වැටී ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 201ක්.

ඒ බංග්ලාදේශයේ පළමු ඉනිමට වඩා ලකුණු 41ක් පසුපසින් සිටිමින්.

ළහිරු උදාර ලකුණු 40ක දී දැවී ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18