හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා විසින් මිල්ලෑව – හොරණ හරහා කොළඹ දක්වා නව බස්රථයක් යෙදවීමට විරෝධය පළ කරමින් බවයි වාර්තා වන්නේ.
හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි මහතා පවසා සිටියේ, මේ සඳහා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී සෙසු මාර්ග ද මෙම විරෝධතාවයට එක්කර ගන්නා බවයි.
වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටින මගීන් වෙනුවෙන් ලංගම බස් රථ යෙදීමට කටයුතු කර තිබුණු බව අප වාර්තාකරු පැවසුවා.














කොට කොට යන හොරණ ප්රයිවට්. නැතත් අවුලක් නෑ