මේ වනවිට තාවකාලිකව වැඩ තනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද (23) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි.
අද දිනයේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් මෙම කමිටුව හමුවට කැඳවා ඇති බව සඳහන්.
ඒ, අනුව අද (23) දිනයේ සිට ලබන බදාදා දක්වා සාක්ෂිකරුවන් 15 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිතයි.
ඉන් අනතුරුව එළඹෙන 26 වනි බ්‍රහස්පතින්දා පස්වරු 2.00ට පරීක්ෂණ කමිටුව යළි රැස්වීමට නියමිතයි.
එදින ද පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට නියමිත බවයි වාර්තා වුණේ.
මේ වනවිට මෙම කමිටුව විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 28 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන අවසන්.





