ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය හදිසියේ රැස්වීමට තීරණයක්

ඉරානයේ හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) හෙට (23) හදිසි රැස්වීමක් පවත්වන බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනයේ ප්‍රධානියා පවසනවා.

මේ අතර, ඉරානයේ න්‍යෂ්ටික ප්‍රධානී මොහොමඩ් එස්ලාම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වෙත ලිපියක් යවමින් කියා සිටියේ ටෙහෙරානයට එක්සත් ජනපද ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

එක්සත් ජනපද ක්‍රියාමාර්ගය හෙළා දකින ලෙස ඉල්ලා සිටින බවත් අදාළ ලිපිය මඟින් දන්වා තිබෙනවා.

මේ අතර ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලින් පසුව “පිටත විකිරණ මට්ටම්වල වැඩිවීමක්” සිදුවී නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මීට පෙර නිවේදනය කළා.

ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානය ෆෝඩෝ, ඉස්ෆහාන් සහ නටාන්ස් මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල වූ බව තහවුරු කළ අතර, එහි කටයුතු නතර නොකරන බව අවධාරනය කරනු ලැබුවා.

ප්‍රහාර එල්ල වූ ස්ථාන තුනෙහි විකිරණශීලී දූෂණයක් පිළිබඳ කිසිදු සලකුණක් නොමැති බවත් අසල පදිංචිකරුවන්ට කිසිදු අනතුරක් නොමැති බවත් ඉරානය සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48