ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායල් ආගමන විගමන ආයතනය පියවර ගෙන තිබෙනවා.
කලාපය තුළ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඊශ්‍රායලයේ රැඳි සිටින ශ්‍රි ලාංකිකයින් ඇතුළු විදේශිකයින්ගේ ජූනි 12 වනදායින් පසු අවසන් වන සාමාන්‍ය රැකියා වීසා ඇතුළු තවත් වීසා කාණ්ඩ කිහිපයක් සැප්තැම්බර් මස 30 වනදා දක්වා මෙලෙස දීර්ඝ කර තිබෙනවා.
20,000ක පමණ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිරිසක් ඊශ්‍රායලයේ මේ වනවිට සේවය කරමින් සිටින අතර, ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවදානයෙන් සිටින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් තීව්‍ර වුවහොත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට ද රජය සූදානමින් සිටින බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර පවතින තත්ත්වය සමනය වන තෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඊශ්‍රායලය වෙත යැවීම ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.















