ආසියානු සංවර්ධන බැංකුව සහ NIRDC අතර පර්යේෂණ වාණිජකරණය පිළිබද සාකච්ඡාවක්

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නියෝජිත තකෆුමි කඩොනො සහ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයහි නියෝජිතයන් අතර හමුවක් ඊයේ (20) ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකා නියෝජිතායතනයේදී පැවැත් වුණා.

පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය හා සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම්, ජාතික පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්ති සැකසීම සඳහා මෙන්ම පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) මගින් ක්‍රියාත්මක කරන වාණිජකරණ ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගැනීම පිළිබදව අදහස් හුවමාරු කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුණා.

මෙම හමුවට පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් බහුල සිංගප්පූරුවේ නන්‍-යැන්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලර්වෙන් ලු සහ IITM ප්‍රවර්තක් තාක්ෂණ පදනමෙහි නව ප්‍රවේශයන්හි ප්‍රධානියා වන රාජේන්ද්‍ර මෝතා යන අයද සහභාගී වුණා.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC)නියෝජනය කරමින් විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මෙන්ම NIRDC නිර්මාතෘ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය , NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා, අධ්‍යක්ෂ (ආයෝජන) ඉඳුනිල් ගුණතිලක ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47