නික්ම යන එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයාට සමු දෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සේවය නිම කිරීමෙන් අනතුරුව ධුරයෙන් නික්ම යන ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සි නෙල්සන්, අද (ජුනි 20) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවුණා.

මෙම සුහද හමුව අතරතුර ලුතිනන් කර්නල් නෙල්සන් තම ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ උත්සාහය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළා.

එමෙන්ම, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු කිහිපයක් මෙන්ම, ආරක්‍ෂක ක්ෂේත්‍රයේ අඛණ්ඩ සහයෝගීතාවය පිළිබඳව ද, මෙහිදී සාකච්ඡා කෙරුණා.

හමුව අවසානයේ දී, දෙරට අතර පවතින සබඳතාව සහ දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු වුණා.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි ද සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?