බංගලි පළමු ඉනිමට වඩා ලකුණු 10ක් පිටිපස්සෙන් ශ්‍රී ලංකා ඉනිම නවතියි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම තරගයේ සිව්වැනි දිනය වන අද (20) දිනයේ දී ලකුණු 485කට සීමා වුණා.

ඒ ප්‍රතිවාදී බංග්ලාදේශයට වඩා පළමු ඉනිමෙන් ලකුණු 10ක් පසුපසින් සිටිමින්.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූයේ නායක ෂැන්ටෝ හට කාසියේ වාසිය හිමිකර දෙමින්.

ඒ අනුව පළමු ව පිතිකරණය තෝරාගත් බංග්ලාදේශය සිය පළමු ඉනිමට විශිෂ්ට ලකුණු පුවරුවක් ගොඩනැගුවා.

ඒ සියලුදෙනා දැවී ලකුණු 495ක් ලෙසින්.

පළමු ඉනිමේදී විශිෂ්ට ශතක දෙකක් සහ අර්ධ ශතකයක් කණ්ඩායමේ ලකුණු පුවරුවට එක් කරන්නට නජ්මුල් ෂැන්ටෝ (148), මුෂ්ෆිකර් රහීම් ( 163) සහ ලිට්න් දාස් (90) සමත් වුණා.

පළමු ඉනිමේ කඩුලු බෙදී ගියේ කඩුලු 03 බැගින් අසිත ප්‍රනාන්දු, තරිඳු රත්නායක හා මිලාන් රත්නායක හටයි.

පිළිතුරු ඉනිම සිය පළමු ඉනිම ඇරඹි ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දිවා ආහාරයෙන් පසුව පැයක් ගත වීමට පෙර සෙසු කඩුලු 04 ද දැවී ගිය අතර කන්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 187ක් රැස් කරමින් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ සිය ටෙස්ට් ලකුණු 1000 සීමාව ද පසුකර යාමට සමත් වුණා.

කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් රැස් කළා.

ඇන්ජිලෝ මැතිව්ස් හා මිලාන් රත්නායක ලකුණු 39 බැගින් ලබා ගත්තා.

ඒ අනුව අද දිනයේ තරගයේ දෙවැනි භාගය ආරම්භ වන විට බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවට පහර දෙනු ඇති.

බංග්ලාදේශය වෙනුවෙන් පළමු ඉනිමට නයීම් හසාන් කඩුලු 05ක්, හසන් මහමුද් කඩුලු තුනක් හා එක් කඩුල්ල බැගින් මොමිනුල් හක් සහ ටයිජුල් ඉස්ලාම් බිඳ හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58