ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින් හදිසි තත්ත්වයක් ඇති වුණොත් ගෙන්වා ගන්නවා – විජිත හේරත් (වීඩියෝ)

මැදපෙරදිග යුද තත්ත්වය තවත් දරුණු අතට පරිවර්තනය වුවහොත්, ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින් ජෝර්දාන්, සයිප්‍රයිස් ආදි යාබද රටවල් හරහා ගෙන්වීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.

අද (19) පාර්ලිමේන්තු සභා වාරයේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, එම කටයුතු සඳහා රජය මැදිහත් වන බවයි.

මේ අතර පවතින තත්ත්වය යටතේ ඊශ්‍රායලයේ සිට ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා, අදාළ දේශසීමාවට ඉදිරිපත් කිරීමට සහතික කරන ලද ලිපියක් ලබා දීමට තානාපති කාර්යාලයේ තීරණය කර තිබෙනවා.

එසේ ලිපි අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්, තම ගුවන් ගමන් බලපත්‍රය හා වීසා බලපත්‍රය රැගෙන ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණෙන ලෙසයි එම තානාපති කාර්යාලය දැනුම්දෙන්නේ.

ඊශ්‍රායලයේ වලංගු වීසා හිමි ශ්‍රී ලාංකිකයන්ට ඊජිප්තුව හරහා ගමන් කිරීමට පැය 96ක වීසා බලපත්‍රයක් ලබා දෙන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් 50ක මුදලක් අය කරනවා.

ඊට අමතරව දේශසීමා ගාස්තු ශේකල් 120ක් ද අය කරන බවයි ඊශ්‍රායලයේ තානාපති කාර්යාල නිවේදනය කළේ.

මේ අතර ඊශ්‍රායලයේ ටෙල් අවිව් බියර්ශෙබා රෝහල ආසන්නයට එල්ල වූ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

සාත්තු සේවිකාවක වන ඇය මේ වනවිට එම රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?